සිංහල fonts හරියටම install කරමු.

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වලට සිංහල යුනිකෝඩ් දාන එක තමයි ‍මේ පෝස්ට් එකෙන් මං ඔයාලට කියලා දෙන්නේ !!!

මේකෙන් වෙන්නේ අපි සිංහල ෆෝන්ට් එක ෆෝන් එකට හදුන්වා දෙන එකයි. ටිකක් විතර කල්පනා කරන්ට ඕන වැඩක් හැබැයි අමාරුනම් නෑ හොදට බලලා හොදට කියවලා වැඩේ කරන්න. අනික මේ පෝස්ට් එක දාන්නේ Test කරලා බලලා ඉවර වෙලා, ඒක නිසා ඉතුරුටික තියෙන්නේ තමුන්ගේ අතේ. මේකට ෆෝන් එක Root කරලා තියෙන්න ඕනෙ. Root කරලා නැත්නම් මෙතනට ගිහින් මුලින්ම ෆෝන් එක Root කරගෙන ඉන්න...
Go>>>

හරි ඒ කතා ඇති මුලින්ම,

  • මේ ලින්ක් එකට ගිහින් මේකෙ ඇති ෆයිල් එකක් " fallback_fonts " කියලා, දැන් ඒක download කරන්න. 
  • මෙන්න ලින්ක් එක >>> [fallback_fonts]
  •  ඒ විදිහ‍ට ම මේකත් download කර ගන්න. මෙන්න ලින්ක් එක >>> [Main fonts] 
  • ඊ‍ට පස්සෙ Root Explorer ඇප් එක ගන්න ඕනේ. ඔයා ළග දැනටමත් ඒ ඇප් එක install කරලා තියෙනවනම් OK. ඇප් එක නැත්නම් download කරන්න.
  • මෙන්න ලින්ක් එක >>> Root Explorer ( මේකත් අර උඩ ඒවා download කළා වගේම download කරන්න. )


හරි දැන් වැ‍ඩේට බහිමු. 

මුලින් ම දැන් ඔය download කරපු .zip files ටික PC එකෙන් Extract කරලා ෆෝන් එකේ Memory Card එකට දා ගන්න. 
මෙන්න ලින්ක් එක >>> WinRar software එකේ.
( WinRar එකෙන් Extract කරන්න දන්නවනේ ??? ඒක දන්නෙත් නැත්නම් ඉතිං YouTube එකේ " How to extract .zip files using WinRar " කියලා search කරලා ඉගෙන ගන්න. )

දැන් Memory Card එක ෆෝන් එකට දාලා ෆෝන් එක on කර ගන්න.
ඊ‍ට පස්සෙ Root Explorer ඇප් එක install කරලා open කර ගන්න.

ඊ‍ට පස්සෙ Root Explorer ඇප් එකෙන් මේ path එකට යන්න.
system > etc
කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා fallback_fonts.xml කියලා ෆයිල් එකක්,  ඒක delete කරන්න.


ඊට පස්සෙ Root Explorer ඇප් එකෙන් ඔයා download කරලා extract කරපු fallback_fonts.xml ෆයිල් එක Memory Card එකේ ඉදන් ඒ folder එක‍ට(system > etc) copy කරන්න.

ඊට පස්සෙ ඔයා copy කරපු fallback_fonts.xml ෆයිල් එක ඔබාගෙන ඉන්න. එතකොට එන pop-up-menu එකේ ය‍ට හරියෙ ඇති permission කියලා එකක්, ඒක click කරන්න. ඊට පස්සෙ ඒකේ points පහත ආකාරයට සකස් කරලා OK කරන්න.


හරි දැන් Root Explorer ඇප් එකෙන් system > fonts කියන ෆෝල්ඩර් එක ඇතුලට ඔයා download කරලා extract කරපු Main fonts ෆයිල් එක ඇතුලේ තියෙන ෆෝන්ට් ෆයිල් ටික Memory Card එකේ ඉදන් ඒ folder එක‍ට(system > fonts) copy කරන්න. එතකොට Replace කරන්නද කියලා ඇහුවොත් Yes කරන්න.
මේවා copy කරද්දි Mount එක R/W ලෙසට සකස් කර පැවතිය යුතුයි, නැතිනම් copy කරන්න දෙන එකක් නෑ.

ඊට පස්සෙ ඔයා copy කරපු  font ෆයිල් එකක්(DroidSansFallback.ttf) ඔබාගෙන ඉන්න. එතකොට එන pop-up-menu එකේ ය‍ට හරියෙ ඇති permission කියලා එකක්, ඒක click කරන්න. ඊට පස්සෙ ඒකේ points පහත ආකාරයට සකස් කරලා OK කරන්න.
මේ විදිහට එකින් එක ඔයා copy කරපු අනිත් font ෆයිල් තුනෙත්(SamsungSans_Regular.ttf | SamsungSinhala.ttf | SamsungTamil.ttf) permission සකස් කරලා OK කරන්න. system font folder එකේ fonts හුගක් තියෙනවනේ, ඒ නිසා අදාළ fonts වල විතරක් කල්පනාවෙන් permission වෙන්ස් කරන්න.

හරි දැන් ෆෝන් එක Restart කරලා එහෙම බලන්න සිංහල වැඩ කරනවා බබා වගේ කිසිම අවුලක් නෑ ලස්සනයි ඕන මගුලක ටොපට වැඩ...
(දැන් ඕනේ නම් අර Memory Card එකට PC එකේ ඉදන් දා ගත්ත files ටික(fallback_fonts | Main fonts | rootexplorer) delete කරලා දාන්න.)

මෙච්චර ලොකු උදව්වක් කරලත් Comment එකක්වත් නොදා යන්නද හදන්නේ...
කර්තෘ ( Add me on fb >>> Tharaka Mahesh Rulz ) අයිතිය සුරකින්න.
Like us on fb >>> TM & TSOFT